Click Here For Fast Cash!!

Wednesday, October 3, 2012

දිව්‍ය ලෝක

සත්වයන් කම් සැප බහුලව විදින ලෝකවලට "කාමාවචර සුගති " යන නම යෙදේ. මිනිස් ලොව කාමාවචර සුගති ගණයටම අයත් වේ . එබැවින් මිනිසෙකු ලෙස උප්පත්තිය ලබනුයේ කුසල කර්ම වල විපාක හේතු කොට ගෙනය. මිනිස් ලොව හැරුණු කොට තවත් කම් සැප බහුල තැන් 6 ගැන සුත්‍ර ධර්මයෙහි දැක්වේ .ඒවා කාමාවචර දිව්‍ය ලෝක නම් වේ කාමාවචර දිව්‍ය ලෝක ගණන 6 කි.

චාතුර්මහාරාජිකය
මෙහි රජවරු හතර දෙනෙක් පාලන කටයුතු බාරව සිටියි. දිව්‍ය වර්ෂ වලින් වසර 500 ආයුෂ මෙහි ඇත. මෙහි එක දිනක් මිනිස් ලොව අවරුදු 50 කට සමානය. ඒ අනුව චාතුර් මහා රාජිකයේ උපන් අයෙකුගේ පරමායුෂ මිනිස් ලොවේ වර්ෂ වලින් වර්ෂ අනු ලක්ෂයකි.

තාවතිංසය
තාවතිංසය හෙවත් තව තිසා දෙව් ලොව පිහිටා ඇත්තේ චාතුර්මහාරාජිකය ට එපිටිනි . එහි ආයුෂ දිව්‍ය වර්ෂ 1000 කි. එහි දිනක් මිනිස් ලොව අවරුදු 100 කි. ඒ අනුව තව්තිසාවෙහි පරමායුෂ අවරුදු තුන් කොටි හැට ලක්ෂයකි . දෙව් ලොවට අදිපති ශක්‍රයා සිටිනුයේ තව් තිසාවෙහිය .

යාමය
යාමය ඇත්තේ තව්තිසාවට එපිටිනි. යාමයෙහි වැසියෝ දිව්‍ය වර්ෂ 2000 පරමායුෂ විදිති . එහි එක් දිනක් මිනිස් ලොව වසර 200 ක් වන අතර ඒ අනුව මනුෂ්‍ය වර්ෂ දාහතර කොටි හතලිෂ් ලක්ෂයක් ජීවත්වීමට යාමයෙහි වැසියන්ට වරම් ඇත. යාම රජු සිටිනුයේ යාමයෙහි බව සමහරු සිතති. තවත් ය කියප පරිදි යාම රජු යනු චාතුර්මහාරාජිකය සිටින වයිශ්ෂණ නම් පාලකයාය . එනමුත් අපායෙහි වෙනම රජ කෙනෙක් සිටින බව දේව දුත එන කරුණු වලින් පැහැදිලි වේ .

තුසිතය
තුසිතයේ වැසියෝ සැමවිටම සතුටින් කල් ගෙවති. තුසිත හෙවත් "සන්තුසිත" දෙව් ලොවට එම නම ලැබුනේ එකෙසිනි. තුසිතයේ වැසියන් සතුටින් සිටිනුයේ මතු ෛමත්‍රි නමින් බුදු වන ෛමත්‍රි බෝසතුන් එහි වැඩ සිටින බැවිනි. තුසිතය තුල ඇති ධාර්මික පරිසරය නිසා බොහෝ බොදුනුවෝ මරණින් මතු තුසිත දෙව් ලොව ඉපදීමට රිසිව පින් කරනු ලැබේ . මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 4000 කි. එහි එක දිනක් මිනිස් වර්ෂ 400 කි. එබැවින් තුසිතයේ වැසියන්ට වර්ෂ 57 කොටි 60 ලක්ෂයක් පරමායුෂ විදිය හැක. සිදුහත් බෝසත්හු මෙලොව පහල වීමට පෙර තුසිත දෙව් ලොවෙහි ශ්වේත කේතු නම් දිව්‍ය පුත්‍රව සිටියේය.


නිර්මාණරතිය
මෙය සුවිශේෂී දෙව් ලොවකි. මෙහි වැසියන්ට තමන් වෙනුවෙන් සැප සම්පත් නිර්මාණය කල හැක. එබැවින් එහිදී විදිය හැකි සැප සම්පත් වල සීමාවක් නොමැත, මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 8000 කි. මිනිස් වර්ෂ 800 එහි එක් දිනයකි. ඒ අනුව එහි පරමායුෂ මිනිස් ලොව අනුව වර්ෂ 230 කොටි 40 ලක්ෂයකි. ("මනාප කායික" නම් වූ දේව විශේෂයක් නිර්මාණ රතියෙ සිට බුදුන් දැක්මට පැමිණි බව ධර්මයෙහි සදහන්ය. )


පරනිර්මිත වසවර්තිය
අවසාන දිව්‍ය ලෝකයයි. වැඩිම කම් සැප ඇත්තේද මෙහිය, මෙහි වැසියන්ට තමන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද පස්කම් සැප නිර්මාණය කල හැකිය. එහෙයින් මෙහි ඇති සැපයෙහි සිමාවක්ද නොමැත. මෙහි ආයුෂ දුව්‍ය වර්ෂ 16000 කි. මිනිස් වර්ෂ 1 600 එහි එක් දිනයකි. ඒ අනුව වර්ෂ 921 කොටි 60 ලක්ෂයක් දිව්‍ය සැප විදීමට මෙහි වැසියන්ට හැකිය.

No comments:

Post a Comment